Thursday, February 12, 2009

චිත්‍රය ගැන හැදින්වීමක්






චිත්‍රය කියන්නෙ ‍‍මෙන්න මෙහෙම දෙයක් කියලා රාමුවක ඉදන් විස්තරයක් කරන්න බෑ.මොකද චිත්‍ර අදින්න පුලුවන් ආකාර,මාධ්‍ය ගොඩක් තියනවා....
මං හිතන විධියට නම් චිත්‍ර කියන්නෙ හුදෙක් කලාවක්ම නෙවෙයි,..එය සිතුවිලි එක්තැන් කරන භාවනාවක්.අපේ හිතේ තියන ඉතාම සියුම් දෙයක් පවා එකම එක පින්සල් පාරකින් මතු කරගන්න පුලුවන්.
චිත්‍රයක් සිතුවම් කරන්න එක මාධ්‍යයක් පමණක් නෙමෙයි තියෙන්නෙ.එය පැන්සල්,පෑන්,දිය සායම්,තෙල් සායම්,පැස්ටල් ආදී මාධ්‍යයන්හෝ ස්වාභාවිකව සකසා ගත් වර්ණ පවා යොදා ගත හැකිය.
සිතුවමකින් අපේ සිතේ ඇති බොහෝමයක් දේවල් පවසන්න පුලුවන්.එය ඉතා සංයමයකින් යුතුව සිතුවිලි ප්‍රතිරූපණය කළ හැකි මාධ්‍යයක්.ඇතැම් විට සංගීත මාධ්‍යයෙන් පවා පැවසීමට අසීරු දේවල් චිත්‍රයකින් පහසුවෙන් පැවසිය හැක.
තව දුරටත් කියනවනම්, ඇත්තටම චිත්‍රයක් ප්‍රකාෂණයක්ම වෙන්න අවෂ්‍ය නෑ. එය ඉරක්,පින්සල් පාරක් වෙන්නත් පුලුවන්.අදින ලද එක් පින්සල් පාරකින් පවා චිත්‍රයට තේමාවක්,අර්ථයක් ලැබෙනවා.

No comments:

Post a Comment