Tuesday, March 17, 2009

සාමාන්‍ය ගමනකට සුදුසු විලාසිතා 1

මෙහිදී මා විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය ගමනක් සදහා යුවතියන්ට සුදුසු විලාසිතාවන් කිහිපයකි. පහත දක්වා ඇති සාය විලාසිතාවන් සියල්ල ම චාම් හා ඉතා සරළ විලාසිතාවන් යොදා සකසා ඇති අතර, යුවතියන්ට එදිනෙදා සාමාන්‍ය ගමන් වලට හා පන්ති වලට ඇදීමට පහසු විලාසිතා වේ.



මෙවැනි විලාසිතා සදහා සරළ ආභරණ කට්ටලයක් පැළදීම යෝග්‍ය වන අතර චාම් පාවහන් යුගලක් පැළදීම යෝග්‍ය වේ. ගැළපෙන පරිදි ටී-ෂර්ට් හෝ බ්ලව්ස් තෝරා ගැනීමෙන් මෙහි අලංකාරය වැඩි කර ගත හැකි වේ.



Monday, March 2, 2009

උත්සව අවස්ථාවකට සුදුසු විලාසිතා 5




මෙම විලාසිතාව තරුණියන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත්තේ මෙහි හැඩය හා ලේස් වලින් යොදා තිබෙන නිර්මාණය නිසාය. යුවතියන්ට බෙහෙවින් ගැළපෙන විලාසිතාවක් වන මෙය චාම් විලාසිතාවකි. එම චාම් බව රැක ගැනීම සදහා මෙහි දක්වා ඇති පරිදි සරළ ආභරණ කට්ටලයක් පැළදීමෙන් අලංකාරය වැඩි කර ගත හැක. මෙම ගවුමෙහි පිටුපස කර ගැඹුරට කපා ඇති අතර එම නිසා මෙය සිහින් සිරුරැති අයෙකු‍ට යෝග්‍ය වේ.




Friday, February 27, 2009

උත්සව අවස්ථාවකට සුදුසු විලාසිතා 4




ඉහත දක්වා ඇති ගවුම් විලාසිතාව ද උත්සව අවස්ථාවකට ගැළපෙන එකකි. එහි පබඵ ඔබ්බවා වැඩදමා ඇති නිසා එයට වැඩි අලංකාරයක් එක් වී ඇත. මෙහි ඉග කොටසෙහි මලක් ආකාරයට පබඵ වලින් කර ඇති නිර්මාණය නිසා එයට වඩා වැඩි වටිනාකමක් එක් කර ඇත.මෙය නවීන විලාසිතාවක් වන අතර ‍පැහැපත් සමකින් හෙබි තරුණියකට හොදින් ගැළපෙන විලාසිතාවකි.ඉහත දක්වා ඇති කරාඹු යුගල පැළදීමෙන් මෙහි අලංකාරය වැඩි කර ගත හැකිවේ.

Thursday, February 26, 2009

උත්සව අවස්ථාවකට සුදුසු විලාසිතා

මෙම දුඹරු පැහැති ගවුම් විලාසිතාව ද උත්සව අවස්ථාවකට ඉතා හොදින් ගැළපේ.සිහින් සිරුරැති තරමක් උස පැහැපත් තරු‍‍ණියකට මෙම විලාසිතාව තෝරා ගැනීමෙන් තම අලංකාරය වැඩි කර ගත හැකිවේ.මේ සදහා පහත දක්වා ඇති ආකාරයේ පාවහන් යුගලක් හා ආභරණ කට්ටලයක් පැළදීම යෝග්‍ය වේ.


උත්සව අවස්ථාවකට සුදුසු විලාසිතා




සුදු පැහැති නවීන විලාසිතාවක් වන මෙය උත්සව අවස්ථාවක‍ට ඉතා හොදින් ගැළපේ.සාමාන්‍ය සිහින් සිරුරක් හිමි තරුණියකට වඩාත් උචිත ‍වේ. මෙය අඵත්ම විලාසිතාවක් වන අතර චාම් බව නිසාම තරැණියන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වී ඇත.සැදෑ සාදයකට මෙන්ම උදෑසන උත්සව අවස්ථාවකටත් හොදින් ගැළපේ.මේ සදහා පහත දැක්වෙන සිල්වර් පැහැති ආභරණ කට්ටලය හා සිල්වර් හෝ සුදුපැහැති පාවහන් යුගල පැළදීමෙන් මෙහි අලංකාරය වැඩි කර ගත හැකිය.


Friday, February 13, 2009

උත්සව අවස්ථාවකට සුදුසු විලාසිතා


මෙම ස්කර්ට් එක සැදෑ කල උත්සවයකට වගේම සාමාන්‍ය ගමනකටත් හොදින් ගැළ‍පේ.සිහින් සිරුරැති තරුණියකට ඉතා හොදින් ගැළපෙන අතර, රතු හෝ රෝස පැහැති කුඩා අත් ඇති බ්ලව්ස් එකක් ඇදීමෙන් මෙහි අලංකාරය වඩා ඉස්මතු කර ගත හැක.මෙම ස්කර්ට් එකෙහි යට දිලිසෙන රතු පැහැ‍යෙන් යුතු තට්ටුවක් යොදා ඇති නිසා වඩාත්ම උචිත වන්නේ එම පැහැයෙන් යුත් දිලිසෙන රෙද්දෙන් නිමවූ බ්ලව්ස් එකකි.මෙය දණහිස මට්ටමට හෝ ත්‍රී ක්වාටර් සයිස් එකට ඇදීමෙන් අලංකාරය වැඩි කර ගත හැකි අතර,වඩාත්ම ගැළපෙන්නේ දණහිස මට්ටමටයි. රතු පැහැති තරමක් උස් අඩි ඇති පාවහන් යුගලක් හා ඉතා සරල ආභරණ කට්ටලයක් (සිල්වර් හෝ සිල්වර් සමග රතු පැහැයෙන් සරලව වැඩ දැමූ)හොදින් ගැළපේ.

Thursday, February 12, 2009

චිත්‍රය ගැන හැදින්වීමක්






චිත්‍රය කියන්නෙ ‍‍මෙන්න මෙහෙම දෙයක් කියලා රාමුවක ඉදන් විස්තරයක් කරන්න බෑ.මොකද චිත්‍ර අදින්න පුලුවන් ආකාර,මාධ්‍ය ගොඩක් තියනවා....
මං හිතන විධියට නම් චිත්‍ර කියන්නෙ හුදෙක් කලාවක්ම නෙවෙයි,..එය සිතුවිලි එක්තැන් කරන භාවනාවක්.අපේ හිතේ තියන ඉතාම සියුම් දෙයක් පවා එකම එක පින්සල් පාරකින් මතු කරගන්න පුලුවන්.
චිත්‍රයක් සිතුවම් කරන්න එක මාධ්‍යයක් පමණක් නෙමෙයි තියෙන්නෙ.එය පැන්සල්,පෑන්,දිය සායම්,තෙල් සායම්,පැස්ටල් ආදී මාධ්‍යයන්හෝ ස්වාභාවිකව සකසා ගත් වර්ණ පවා යොදා ගත හැකිය.
සිතුවමකින් අපේ සිතේ ඇති බොහෝමයක් දේවල් පවසන්න පුලුවන්.එය ඉතා සංයමයකින් යුතුව සිතුවිලි ප්‍රතිරූපණය කළ හැකි මාධ්‍යයක්.ඇතැම් විට සංගීත මාධ්‍යයෙන් පවා පැවසීමට අසීරු දේවල් චිත්‍රයකින් පහසුවෙන් පැවසිය හැක.
තව දුරටත් කියනවනම්, ඇත්තටම චිත්‍රයක් ප්‍රකාෂණයක්ම වෙන්න අවෂ්‍ය නෑ. එය ඉරක්,පින්සල් පාරක් වෙන්නත් පුලුවන්.අදින ලද එක් පින්සල් පාරකින් පවා චිත්‍රයට තේමාවක්,අර්ථයක් ලැබෙනවා.